Thursday, April 25, 2024

General line - 0115112241

ආණ්ඩු පක්ෂයේ අසුන් ගන්නා බව අතාවුල්ලා කියයි

අමදෝරු අමරජිව




මෙවර මහා මැතිවරණයේදි එක් මන්ත්‍රි ආසනයක් පමණක් හිමිකරගත් තම පක්ෂය පාර්ලිමේන්තුවේදි නව රජයට සහය පලකරමින් ආණ්ඩු පක්ෂයේ අසුන් ගන්නා බව ඒ.එල්.එම්.අතාවුල්ලාගේ නායකත්වනේ යුත් ජාතික කොංග්‍රසය සඳහන් කරනවා.

මහා මැතිවරණයට පෙර ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට සහය පලකරමින් ශ්‍රි ලංකා පොදුජන නිදහස් සන්ධානයට සහය පල කරමින්  ගිවිසුමකට එළඹි  ප්‍රධාන  පක්ෂ 18ක්  ඇති අතර ඉන් එක් පක්ෂයක් වන්නේ ජාතික කොංග්‍රසය බව එම කොංග්‍රසයේ ජාතික සංවිධායක  වෛද්‍ය වයි.එස්.මොහොමඩ් ශියා පවසයි.

තම පක්ෂයේ නායක ඒ.එල්.එම්.අතාවුල්ලා දිගාමඩුල්ලෙන් තරග කර ජයගෙන ඇති අතර දැනට ශ්‍රී ලංකා  පොදුජන පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රිදුර සමග මන්ත්‍රි අසුන්  145ක් හිමිකරගෙන ඇති බවද ජාතික සංවිධායකවරයා කියයි.

ඒ අනුව ඊ.පී.ඩි.පි. පක්ෂය ලබා ගත් මන්ත්‍රි ආසන දෙකත්, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට යාපනයෙන් තරග කර අංගජන් රාමනාදන් ලබා ගත් මන්ත්‍රි අසුනත්, ටී.එම්.වී.පි.පක්ෂයේ සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන්ගේ මන්ත්‍රි අසුනත් තම පක්ෂයේ මන්ත්‍රි ආසනය සමග නව රජයේ  ශක්තිමත්  2/3ක බහුතරය ලබාගෙන ඇති බවද ජාතික සංවිධායක වරයා  වැඩිදුරටත් පෙන්වා දෙයි.