Thursday, March 28, 2024

General line - 0115112241

අනතුරට පත්වූ තෙල් නැව ගැන ශ‍්‍රී ලංකාවත් අවධානයෙන්




ඉන්දියන් සාගර කලාපයේ පිහිටි මොරිෂස් දූපත ආසන්නයේදී ඉන්ධන නෞකාවක් අනතුරට පත්වීමත් සමග ශ‍්‍රී ලංකා මුහුද සීමාව පිළිබඳව ද අවධානය යොමුකර ඇතැයි සමුද්‍රීය ආරක්ෂණ අධිකාරිය පවසනවා.

එහි සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප‍්‍රදීප් කුමාර නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළේ ශ‍්‍රී ලංකා මුහුදු කලාපය තුළ ද මෙවැනි අනතුරු ඇතිවීමේ සම්භාවිතාව ඉහළ බවයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ සමුද්‍රීය ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප‍්‍රදීප් කුමාර පෙන්වා දුන්නේ ලංකාවේ දෙවුන්දර තුඩුවට ඈතින් ඇති මුහුදු සීමාවේ ඇති මුහුදු ගමන් මාර්ගයේ මීට වඩා විශාල තෙල් නැව් ගමන් කරන බවයි. යම් අවස්ථාවක මෙවැනි තෙල් නැවක හානියක් සිදු වුවහොත් ලංකාවේ වෙරළ කලාප රැසකට දැඩි බලපෑම් එල්ල විය හැකි බවයි පෙන්වා දුන්නේ. ඒ අනුව ලංකාව මීට වඩා සූදානම්ව තැබීම අත්‍යාවශ්‍ය කරුණක් බවද පෙන්වා දුන්නා.