Friday, April 19, 2024

General line - 0115112241

IPL තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදි




මෙවර IPL  තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීම සදහා එරට කි‍්‍රකට් ආයතනයට ඉන්දීය රජයේ අනුමැතිය හිමිව තිබෙනවා. IPL පාලක සභාවේ සභාපති බ්‍රිජේස් පටෙල් ඒ බව තහවුරු කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. 

ඉන්දියාවේ කී‍්‍රීඩා සංගමයක් සංවිධාන කරන දේශීය තරගාවලියක් වෙනත් රටක පවත්වන්නේ නම්, ඒ සදහා එරට රජයේ අනුමැතිය අනිවාර්යයෙන් ලබාගත යුතු වනවා. මෙවර IPL තරගාවලිය ලබන සැප්තැම්බර් 19 වනදා සිට නොවැම්බර් 10 වනදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. 

තරග පැවැත්වෙන්නේ සාජා, අබුඩාබි සහ ඩුබායි යන කී‍‍්‍රඩාංගණවලයි. කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර අයි පී එල්  තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීම සදහා අවශ්‍ය ලිඛිත අනුමැතිය තමන් වෙත ලැබුණු බවයි අයි.පී.එල් පාලක සභාවේ සභාපති බ්‍රිජේස් පටෙල් සදහන් කළේ. 

අයි.පී.එල් තරගාවලියට එක් වන බොහෝ කණ්ඩායම් අගෝස්තු 20 වනදායින් පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත ළගා වීමට නියමිතව තිබෙනවා.