Friday, April 26, 2024

General line - 0115112241

මෙවර තේරීපත් වූ මන්ත්‍රිවරුන්ගේ වයස ගැන අනාවරණයක්




මෙවර පාර්ලිමේන්තුවට තේරීපත්වූ මන්තී‍්‍රවරුන්ගේ වයස් සංයුතිය සම්බන්ධයෙන් ඊයේ (11) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් කණපිට වැඩසටහනේදී අනාවරණ කෙරුණා.

ඒ අනුව නව පාර්ලිමේන්තුවේ වයස අවුරුදු 30 ට අඩු මන්ති‍්‍රවරුන් 05 දෙනෙකු සහ අවුරුදු 80 ට වැඩි මන්තී‍්‍රවරුන් තිදෙනෙකු සිටින බවයි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්, කාර්යය මණ්ඩල ප‍්‍රධානී නීල් ඉද්දවෙල මෙම වැඩසටහනට එක්වෙමින් අනාවරණ කළේ. 

තේරීපත්ව ඇති නවක මන්තී‍්‍රවරුන් සහ මෙවර පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ කෙරුණා. 

පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් ව්‍යවස්ථාදායක සේවා, ටිකිරි කේ. ජයතිලක ද මෙම වැඩසටහන එක්වුණා.

මෙවර පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්තී‍්‍රවරුන් සඳහා වැඩමුළුවක් පැවැත්වීමට ද නියමිත අතර ඊට හේතුවූ කරුණු පිළිබඳව ද ඔහු මෙලෙස පැහැදිළි කළා. 

(මෙම අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි)