Friday, April 19, 2024

General line - 0115112241

නවසීලන්තයට යළිත් කොරෝනා බලපෑම් කරයි




නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් නවසීලන්තයේ එළඹෙන මහ මැතිවරණය කල්යන ලකුණු මතුව තිබෙනවා.

විදෙස් වාර්තා පැවසුවේ දින 100 කට පසු පළමු වරට නව්‍ය කොරෝනා ආසාදිතයින් සිව්දෙනෙකු හමුවීමත් සමග නවසීලන්තය තුළ යළිත් වරක් කොරෝනා බියක් හට ගෙන ඇති බවයි.

ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් යළිත් වරක් සිතා බලා ඒ සම්බන්ධයෙන් පසුව දැනුම්දෙන බවයි නවසීලන්තයේ අග‍්‍රාමාත්‍ය ජසින්තා ආඞ්න් පැවසුවේ.

නවසීලන්තයේ මීළඟ මහ මැතිවරණය ලබන මස 19 වැනිදා පැවැත්වීමට දින නියම කර තිබෙනවා. 

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සාර්ථකව පාලනය කළ රටක් ලෙස මීට පෙර නවසීලන්තය සැලකුනා.

එහෙත් යළිත් කොරෝනා වෛරස් ආසාදිතයින් හමුවීම හේතුවෙන්  ඕක්ලන්ඞ් නුවරට හදිසියේ සංචරණ සීමා පැනවීමටයි නවසීලන්ත රජයට ඊයේ (11)  සිදුවුණේ.