Tuesday, April 16, 2024

General line - 0115112241

කුරුණෑගල නගරාධිපති ඇතුළු 05 දෙනාගේ වරෙන්තුව ක්‍රියාත්මක නොකරන්නැයි අභියාචනාධිකරණය දැනුම් දෙයි 

අධිකරණ වාර්තාකරු




කුරුණෑගල පෞරාණික රාජ්‍ය සභා මණ්ඩලය කඩා විනාශ කිරීමට අදාළ යැයි සිද්ධියක් සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව ඇතුළු පස්දෙනෙකුට එරෙහිව නිකුත් කර ඇති වරෙන්තු අගෝස්තු මස 24 දා තෙක් ක්‍රියාත්මක නොකරන ලෙසට අභියාචනාධිකරණය අද නියෝග කළා.

ඒ අනුව නගරාධිපතිවරයා ඇතුළු පස්දෙනෙකු විසින් ගොනු කර ඇති රිට් පෙත්සම් සම්බන්ධයෙන් අතුරු තහනම් නියෝගය නිකුත් කරනවාද නැද්ද යන්න නියෝගය අගොස්තු මස 25 දා ප්‍රකාශයට පත් කරන බව සභාපති  විනිසුරු දිලීප් නවාස් මහතා සහ සෝභිත රාජකරුණා මහතා දැනුම් දුන්නා.

රිට් පෙත්සම් මගින් මහෙස්ත්‍රාත්වරයාගෙ නියෝගය අභියෝගයට ලක් කර ඇති බැවින් එය මීළඟ දින තෙක් ක්‍රියාත්මක නොකරන ලෙසට අභියාචනාධිකරණය කුරුණෑගල මහේස්ත්‍රාත්වරයාට දන්වා යවන ලෙසට නියෝග කළා.

කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුව අත් හිටුවීමට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව ඇතුළු පස්දෙනෙකු අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කරනු ලැබුවා..