Wednesday, April 24, 2024

General line - 0115112241

කලින්ම ලැබුණු තොරතුර නිසා විජයදාස කලින්ම ගිහින්




කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යධූර අපේක්ෂාවෙන් සිටි බොහෝ මන්ත‍්‍රීවරුන් පිරිසකට මෙවර එම ධූර හිමිනොවූ බව වාර්තා වනවා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ද, අමාත්‍ය ධුරයක් හිමි බවට වාර්තා පළවුවත් ඒ මහතාට ද, අද අමාත්‍ය ධුරයක් හිමි වූයේ නැහැ.

ඒ අනුව මෙවර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අමාත්‍යධුර හිමිවුයේ නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීරට පමණයි. රාජ්‍ය අමාත්‍ය ධූර 03ක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමි වුණා. එම ධූරවල අද දිවුරුම් දුන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක සහ ලසන්ත අලගියවන්නයි. 

මේ අතර අමාත්‍ය ධූරයක් නොලැබීම හේතුවෙන් හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ කැබිනට් මණ්ඩලය දිවුරුම්දීමේ අවස්ථාවට සහභාගී නොවූ බව වාර්තා වනවා. තමන්ට කැබිනට් අමාත්‍ය ධුරයක් නොව, රාජ්‍ය අමාත්‍ය ධූරයක් ලබාදීමට නියමිත බව සැලවීමත් සමග ඔහු උත්සව භූමියෙන් පිටවගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස විජයදාස රාජපක්ෂ දිවුරුම්දීමට නියමිතව තිබුණා. ඒ අනුව එම රාජ්‍ය අමාත්‍ය ධුරයේ අද කිසිවෙකු දිවුරුම් දුන්නේ නැහැ.
 
මේ අතර අමාත්‍ය ධූරයක් නොලැබීම හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුසිල් පේ‍්‍රමජයන්ත් ද, මහනුවර මගුල් මඩුවේ පැවති දිවුරුම්දීමේ උත්සවයට සහභාගි නොවු බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ මෙවර පාර්ලිමේන්තුවට තේරීපත්වූ එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් 11 දෙනෙකුට පමණ මෙවර කිසිඳු කැබිනට් හෝ රාජ්‍ය අමාත්‍යධූරයක් හිමිව නැහැ. එලෙස කිසිඳු ධූරයක් හිමිනොවූ ජ්‍යෙෂ්ඨයින් අතර මහින්ද සමරසිංහ, අනුර පි‍්‍රයදර්ශන යාපා, ජෝන් සෙනෙවිරත්න, ඩිලාන් පෙරේරා, එස් බී දිසානායක, විජේදාස රාජපක්ෂ මෙන්ම සුසිල් පේ‍්‍රමජයන්ත් ද වනවා.