Thursday, April 25, 2024

General line - 0115112241

අන්තර්ජාලය කැළඹු හෙදියකගේ වීඩියෝව (VIDEO)




කොරෝනා වෛරස් රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන රෝහලක සේවය කරනු ලබන හෙද නිලධාරිනියක ගේ වීඩියෝවක් මිලියන ගණනක් අන්තර්ජාල පරිශීලිකයින් අතර හුවමාරු වෙමින් තිබෙනවා.

වයඹ දිග චීනයේ ෂියැජිංයැන් ප්‍රාන්තයේ කොරෝනා ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කරනු ලබන රෝහලක සේවය කරනු ලබන මෙම හෙද නිලධාරිනිය සිය ආරක්‍ෂිත ඇඳුම ඉවත් කරන විට එහි තුළ එක් රැස්වී තිබු දහදිය බිමට වැටෙන අයුරු එම වීඩියෝවේ දැක්වෙනවා.

පසුගිය ජූලි මාසයේ සිට ෂියැජිංයැන් ප්‍රාන්තයෙන් නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 500 කට අධික සංඛ්‍යාවක් වාර්තා වුවා.