පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිට පුද්ගලයින් රවටා මුදල් වංචා කරන බවට නෙත් එෆ්. එම්. බැලූම්ගල විසින් අනාවරණ කෙරුණු පුද්ගලයෙකු නිට්ටඹුව රන්පොකුණගම ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහුට ආධාර අනුබල දුන් බව කියන කාන්තාවක් ද එහිදී අත්අඩංගුවට ගෙන ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. සැකකරු අනුහස් නානායක්කාර නමැත්තෙක්.
පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පෙනී සිටි ඔහු පුද්ගලයින් රටවා මුදල් වංචා කරන බව නෙත් එෆ්. එම්. බැලූම්ගල ඉකුත් පෙබරවාරි මස 25 වැනිදා අනාවරණ කළා.
පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිට මෙලෙස පුද්ගලයින් රවටා මුදල් වංචා කළ අනුහස් නානායක්කාර නමැත්තා අත්අඩංගුවට ගැනුණේ පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන අංශය සිදුකළ වැටලීමකදීයි. පසුව එම සැකකරු සහ ඔහුට ආධාර අනුබල දුන් බවට සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාව ලබන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.