Wednesday, April 17, 2024

General line - 0115112241

ජනාධිපතිතුමා විසින් නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අගෝස්තු 20 පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරයි 




අගෝස්තු 20 වැනිදින පැවැත්වෙන 09 වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේ මංගල රැස්වීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මේ අනුව ප.ව 3.00ට ජනාධිපතිතුමා මංගල රැස්වීමේ මුලසුන ගැනීමට නියමිත අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (2) ව්‍යවස්ථාව මගින් විධිවිධාන සළසනු ලැබ ඇති පරිදි නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම සිදුකිරීමට නියමිතය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව වෙත පැමිණෙන අවස්ථාවේදී කථානායකවරයා හා පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක විසින් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැට පෙළ අසලදී එතුමන්ව පිළිගැනීමට නියමිත අතර ජනාධිපති ධජය උඩුකුඹූ කිරීම ඉන් අනතුරුව සිදු කිරීමට නියමිතය. 

වේත්‍රධාරි, නියෝජ්‍ය වේත්‍රධාරී සහ සහකාර වේත්‍රධාරි පෙරටු කරගත්, කථානායකතුමා සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම්තුමා විසින් ජනාධිපතිතුමා පාර්ලිමේන්තු මන්දිරය වෙත කැදවා ගෙන යනු ලැබීමෙන් අනතුරුව ජනාධිපතිතුමා විසින් මූලාසනයේ සිට නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර එදින උදෑසන 9.30ට අභිනව පාර්ලිමේන්තුව රැස්වන අතර එහිදී පළමුව කථානායකවරයා තෝරාපත් කර ගැනීමෙන්  පසු මන්ත්‍රීවරුන් දිවුරුම හෝ ප්‍රතිඥා ලබා දීම සිදුකෙරේ. ඉන්පසුව නියෝජ්‍ය කථානායකවරයා සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා පත්කර ගැනීම සිදුවේ. අනතුරුව කථානායකවරයා විසින් පාර්ලිමේන්තුව ප.ව 3.00 දක්වා‍ කල්තබනු ඇත.