Wednesday, April 24, 2024

General line - 0115112241

අංගොඩ ලොක්කා මියගියාද යන්න ගැන තවමත් කරුණු සොයන බව පොලිසිය කියයි




සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ලසන්ත පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා ඉන්දියාවේදී ඝාතනයට ලක්වූවා දැයි තවදුරටත් තොරතුරු ලබාගනිමින් සිටින බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පැවසුවේ ඞී එන් ඒ වාර්තා ලබාගැනීමටද කටයුතු කර ඇති බවයි.

සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ලසන්ත පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා ඉන්දියාවේදී ජීවිතක්‍ෂයට පත්ව ඇති බවට සනාථ වී ඇතැයි කොයිම්බතූර් පොලිසිය අනාවරණය කර ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය ඉකුත්දා වාර්තා කළේ. අංගොඩ ලොක්කා වසර දෙකකට ආසන්න කාලයක් ඉන්දියාව තුළ ව්‍යාජ නමකින් පෙනී සිට ඇති බවද එරට පොලිසිය සිදුකළ විමර්ශනයේදී හෙළිව තිබෙනවා.