Friday, April 19, 2024

General line - 0115112241

නව ඖෂධ රාජ්‍ය ඇමති වැඩ අරඹයි - බහුජාතික ඖෂධ මාෆියාවට තිත




ශී‍්‍ර ලංකාවට අවශ්‍ය ඖෂධවලින් සියයට 50 ක් සම්පූර්ණයෙන්ම රට තුළදීම නිෂ්පාදනය කිරීමට සැලසුම් සකස් කර ඇතැයි ඖෂධ නිෂ්පාදන, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසනවා. 

නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු කියාසිටියේ ඖෂධ නිෂ්පාදනයට අදාළ නවීන නිෂ්පාදනාගාරයක්ද ළගදීම ආරම්භ කරන බවයි. අලූත් ආණ්ඩුවේ නව රාජ්‍ය අමාත්‍යවරුන්ගේ කාර්ය භාරය සම්බන්ධයෙන් නෙත් නිවුස් සිදුකරන විශේෂාංග මාලාවට එක්වෙමින් ඖෂධ නිෂ්පාදන, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මෙම අදහස් පළ කළා. 

ජනාධිපතිවරයාගේ පළමු ධුර කාලය අවසන්වීමට පෙර වියළි කලාපයේ කෘෂිකාර්මික වකුගඩු රෝගය මුලිනුපුටා දැමීමට හැකි වනු ඇති බවයි ඖෂධ නිෂ්පාදන, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මෙහිදී ප‍්‍රකාශ කළේ.

අනුරාධපුර දිස්ති‍්‍රක්කය නියෝජනය කරමින් මෙවර මහමැතිවරණයට තරග වැදුණු මහාචාර්ය චන්න ජයසුමන පාර්ලිමේන්තුවට තේරී පත් වූ පළමු අවස්ථාව මෙය වනවා. මේ අතර නව ආණ්ඩුවේ අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා නව අමාත්‍යාංශ ලේකම්වරුන් කිහිප දෙනෙකු ලබන සදුදා දිනයේ සිය රාජකාරී ආරම්භ කිරීමට නියමිතයි.