Wednesday, April 24, 2024

General line - 0115112241

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ගිණුම් හරහා සිදුවන මුදල් සංසරණයන් ගැනත් අනාවරණය කර ගැනේ




මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ගිණුම් හරහා සිදුවන කෝටි ගණනක මුදල් සංසරණයන් පිළිබද තොරතුරු අනාවරණ කර ගැනීමට පොලීසියට හැකි වී තිබෙනවා. 

රුපියල් කෝටි 220 කට අධික මුදලක් ගත වු සති දෙකක කාලය තුළ පමණක් එලෙස හුවමාරු වී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ. අදාළ මුදල් කුමන පාර්ශව වෙත ලැබුණේද කුමන කරුණක් සදහා යෙදවූයේද යන්න පිළිබද මේ වනවිට පුළුල් පරීක්‍ෂණ කි‍්‍රයාත්මක බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න ප‍්‍රකාශ කළා.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් උපයාගත් දේපළ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුවන බවයි ඔහු ප‍්‍රකාශ කළේ.

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් හුවමාරු කළ මර්වින් ජානා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ සහෝදරිය ද ඊයේ අත්අඩංගුවට ගත් අතර ඉකුත් කාලයේ ඇයගේ ගිණුම් 5 ක රුපියල් මිලියන 305 ක් හුවමාරු වි ඇති බව අනාවරණ වී තිබෙනවා.