Friday, March 29, 2024

General line - 0115112241

නෙත් එෆ්.එම් රේඩියෝවේ අනුග්‍රහයෙන් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත්




ශී‍්‍ර ලංකා පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමය 21 වන වරටත් සංවිධාන කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය මෙවරත් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. 

ඒ, ලබන සැප්තැම්බර් මස 18 වනදා සිට 27 වනදා දක්වා කාලය තුළයි. ඊට සමගාමිව 2019 වසරේ රජත පුස්ථක සම්මානය හිමි කෙටි කතා, පද්‍ය සහ යොවුන් සාහිත්‍ය කෘති ඊයේ පස්වරුවේ ප‍්‍රකාශයට පත් කෙරුණා. හොදම කෙටි කතාව ලෙස එහිදී තෝරා ගැණුනේ අනුරසිරි හෙට්ටිගේ විසින් රචනා කරන ලද මෙරයින් ඩ‍්‍රයිව් කෘතියයි. 

ස්වර්ණ පුස්තක සම්මානය සදහා වන අවසන් වටයේ ග‍්‍රන්ථ 5 ද ඊයේ පස්වරුවේ ප‍්‍රකාශයට පත් කෙරුණා. ඒ අනුව එරික් ඉලයප් ආරච්චිගේ පේත, සුනේත‍්‍රා රාජකරුණානායකගේ නිශ්ක‍්‍රාන්තිය, ශමෙල් ජයකොඩිගේ කුමර කොබෙයි, සුරත් ද මැල්ගේ තී හා තා සහ ලියනගේ අමරකීර්තිගේ රතු ඉරි අදින අත යන කෘති මෙවර තේරී පත්ව තිබෙනවා.

21 වන වරටත් සංවිධාන කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ මෙවරත් නිල රේඩියෝව වන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි. සම්පත් බැංකුව ප‍්‍රධාන අනුග‍්‍රහය ලබාදෙනවා.