Saturday, April 20, 2024

General line - 0115112241

කොරෝනා දෙවන රැල්ලෙන් බේරෙන්න ස්පාඤ්ඤය දුම්පානයට වැට බඳීයි




දිනක් තුලදී නව කොරෝනා රෝගීන් 2,935ක් වාර්තා වීමත් වෛරස් ව්‍යාප්තිය අවම කිරිමට ස්පාඤ්ඤය නව පියවරක් ගෙන තිබෙනවා. ඒ අනුව රටපුරා ප්‍රසිද්ධියේ දුම්පානය සිදුකිරිම තහනම් කිරිමට එරට රජය නියෝග කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

මිට අමතරව රාත්‍රී සමාජ ශාලා, ආපනශාලා ආදිය ද රාත්‍රී 1.00 වන විට වසා තබන ලෙසට නියෝග කොට තිබෙන අතර එක්වර 10 දෙනෙකුට පමණක් ආහාර ලබා ගත හැකි වන පරිදි සීමා පැනවිමට ස්පාඤ්ඤ සෞඛ්‍ය ඇමති Salvador Illa ප්‍රකාශ කර සිටියේ.

ස්පාඤ්ඤයේ මේ වන නව කොරෝනා වෛරස් රෝගීන් 337,334ක් වාර්තා වී ඇති අතර පුද්ගලයින් 28,605 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇත.