Thursday, April 25, 2024

General line - 0115112241

ගිනි අවියක්, පතරොම් සහ බෝම්බ සමග පුද්ගලයෙකු රත්නපුරයේදී අත්අඩංගුවට




බෝර 12 වර්ගයේ ගිනි අවියක්, එම වර්ගයේ සජීව පතරොම් 4 ක්, ජීව අත්බෝම්බ 2 ක් සහ හිස් පතරොම් කොපු 13 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට රත්නපුර පොලීසියට හැකි වී තිබෙනවා. ඒ, රත්නපුර, වැරණියගොඩ, කරංගොඩ ප‍්‍රදේශයේදීයි.

23 හැවිරිදි වියේ පසුවන සැකකරු කරංගොඩ ප‍්‍රදේශයේම පදිංචිකරුවෙක්. ඔහු රත්නපුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.