Friday, March 29, 2024

General line - 0115112241

දිවයින පුරා විශේෂ රථ වාහන මෙහෙයුමක්




දිවයින පුරා සිදුකළ විශේෂ රථ වාහන මෙහෙයුමකින් රථ වාහන වැරදිවලට සම්බන්ධ පුද්ගලයින් 304 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, වාහන 304 ක් ද සමගයි.

බීමතින් රිය පැදවීම ඇතුළු වෙනත් රථ වාහන වැරදි ද ඇතුළුව සමස්ථ නඩු 3,791 ක් මෙහිදී ලබාගත් බව පොලීසිය පවසනවා. ඊයේ රාත්‍රි අටේ සිට අද අළුයම 4 දක්වා පොලිස් ස්ථාන 493 ක නිලධාරීන් සහභාගි කර ගනිමින් මෙම මෙහෙයුම සිදු කෙරුණා.

මේ අතර දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි  රන්මාල කොල්ලකෑමේ සිද්ධීන් විශාල ප්‍රමාණයකට අදාල නඩුවලට සම්බන්ධව අධිකරණය මගහරිමින් සිටි විවෘත වරෙන්තු 20 ක් හිමි පුද්ගලයෙකු අත්අඩංගුවට තිබෙනවා.

ඔහු හොරණ, කුඩා උඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය පැවසුවේ.