Saturday, April 20, 2024

General line - 0115112241

පොලිස් නිල සුනඛ අංශයේ සුනඛයින් 25 දෙනෙකු වෙන්දේසියේ විකිණේ : වැඩිම මිලකට අලෙවි වූ සුනඛයා ගේ වටිනාකම ලක්ෂය ඉක්මවයි

හේරත් ඒකනායක





ශ‍්‍රි ලංකා පොලිසියේ නිල සුනඛ අංශය විසින් සුනඛ වෙන්දේසියක් අද දින මහනුවර පිහිටි නිල සුනඛ මුලස්ථානයේ දි පැවත් වුනා. අද දින මෙම වෙන්දේසිය සදහා සුනඛයින් 25ක් ඉදිරිපත් තිබුනා. මෙයින් බොහෝ දෙනා වසර 10ක් පමන වු සුනඛයින් බවයි පොලිස් නිල සුනඛ අංශය සඳහන් කළේ.

පොලිස් නිල සුනඛ අංශය විසින් අද දින සිදු කරන ලද මෙම වෙන්දේසියේ දි Bride නම් Laboador වර්ගයේ සුනඛයා රුපියල් එක් ලක්ෂ එක් දහසකට (101,000) අලෙවි විම විශේෂයක් වුනා. 2018 වර්ෂයේ ජුනි මස 18 වෙනිදා උපත ලද මෙම සුනඛයා පරිත්‍යාගයක් ලෙස පොලිස් නිල සුනඛ කොටිඨාශයට ලැබි ඇති අතර මෙම සුනඛයා පොලිස් රාජකාරි සදහා පුහුණු කිරිමෙි දි අවශ්‍ය පරිදි පුහුනු කිරිමට නොහැකි විම මත මෙසේ වෙන්දේසි කිරිමට තීරණය කර තිබෙනවා.

මිට අමතරව සිම්බා නැමති සුනඛයා රුපියල් 50,000 කට රෙක්ස් නැමති සුනඛයා රුපියල් 23,000 කට රෙජි නැමති සුනඛයා රුපියල් 17.500 කට ලිලි නැමති සුනඛයා රුපියල් 16.000 කට වැනි මුදලකට වෙන්දේසි වි ඇති අතර අද දින පැවති වෙන්දේසියේ දි අවම මුදලකට වෙන්දේසි වි ඇත්තේ හිරොස් නැමති සුනඛයායි ඒ රුපියල් 1100 ක් වැනි මුදලකටයි.

අද දින මෙි සුනඛ වෙන්දේසියට ඉදිරිපත් කල සුනඛයන් 25 දෙනාම වෙන්දේසි කිරිමෙන් රුපියල් 315,800 ( තුන් ලක්ෂ පහලොස් දහස් අටසියයක්)  ක මුදලක් පොලිස් දෙපාර්තමේන්තුවට ලැබි තිබෙනවා.

පොලිස් නිල සුනඛ අංශයේ රාජකාරි කිරිමෙි දි නිලධාරින්ට සහයාවු දිවයිනේ විවිධ අපරාධකරුවන් අත් අඩංගුවට ගැනිම සහයවු හා විවිධ ආරක්ෂක කටයුතු මෙන්ම නැති වු පුද්ගලයින් සොයා ගැනිමට ද දක්ෂතා හා කුසලතාවයෙන් යුතු වු එහෙත් වයසට යාමත් සමග තවදුරටත් සේවයට යෙදිය නොහැකි සුණඛයින් රැසක්ම වෙන්දේසියේ දි පැමිණ සිටි පිරිස් විසින් මිලදි ගනු ලැබුවා.

එම සුුනඛයින් අතර මිමුරේ ප‍්‍රදේශයේ දි අතරමං වු ළමුන් සොයා ගත් රෙජි නැමති සුනඛයා මෙන්ම ත‍්‍රිකුණාමලය ප‍්‍රදේශයේ ගංජා ජාවාරමි කරුවන් හා අපරාධ කරුවන් අත් අඩංගුවට ගැනිමට සහාය වු රෝසි නැමති සුනඛයාත්  දකුණු පලාතේ විවිධ අපරාධ කරුවන් මෙන්ම මත්ද‍්‍රව්‍ය අත් අඩංගුවට ගැනිමට සහයා වු බමිපර්, නිරෝෂ් හා අජා යන සුනඛයින් මෙන්ම පුපුරන ද‍්‍රව්‍ය සොයා ගැනිමට දක්ෂතා දැක්වු ජෙසි,සිසි හා රෙක්ෂි වැනි සුනඛයින් ද සිටි බව මහනුවර නිල සුනඛ කොටිඨාශය සදහන් කර සිටියා.