Saturday, April 20, 2024

General line - 0115112241

රතන හිමියන්ට එරෙහිවත් පක්‍ෂයෙන්ම පැමිණිල්ලක්

පී එස් ටී බණ්ඩාර




අපේ ජනබල පක්ෂයෙන් තරග කළ පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිවද පොලීසියට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ, අපේ ජනබල පක්‍ෂයේ ගම්පහ දිස්ත‍්‍රික් නායක ජීවන් චතුරංග විසින්. ඔහු යක්කල පොලීසියට පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ ගම්පහ දිස්ත‍්‍රික් නායකයා වන තමන් සතු බලතල, ව්‍යාජ ලිපි ලේඛන මගින් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් අයුතු ලෙස භාවිත කර ඇති බවටයි. උන්වහන්සේ ගම්පහ දිස්ත‍්‍රික් නායකයා නොවන බවත් එහි සදහන් කර තිබෙනවා.

එමෙන්ම උන්වහන්සේ සිය පක්‍ෂයේ සාමාන්‍ය අපේක්ෂකයෙකු පමණක් බව අපේ ජනබල පක්‍ෂයේ ගම්පහ දිස්ත‍්‍රික් නායක ලෙස හදුන්වන ජීවන් චතුරංග නමැත්තා පොලීසියට ගොණුකළ පැමිණිල්ලේ සදහන්. දැනට සැගවී සිටින පූජ්‍ය වේදෙනිගම විමලතිස්ස හිමියන් සමග තමන්ගේ ගිවිසුමක් ඇතැයි රතන හිමියන් ප‍්‍රකාශ කළද පක්ෂයේ අනුමැතියකින් තොරව ගිවිසුම්වලට එළැඹීමට රතන හිමියන්ට අයිතියක් නොමැති බවයි ඔහු පවසන්නේ. රතන හිමියන් ගිවිසුමකට එළැඹියේ නම් එය නිත්‍යානුකූල නොවන ගිවිසුමක් විය හැකි බවද ඔහු සදහන් කරනවා.

මේ අතර අපේ ජනබල පක්‍ෂයේ ලේකම් බව කියන පූජ්‍ය වේදෙනිගම විමලතිස්ස හිමියන්ට එරෙහිව ද අද පෙරවරුවේ වීරගුල පොලිසියට පැමිණිල්ලක් ගොණු කළා. ඒ, අපේ ජනබල පක්ෂයේ ගම්පහ ආසන සංවිධායක සුමල් ලක්මණආරච්චි විසින්. තමන් සළකුණු කළ මනාපයෙන් වේදෙනිගම විමලතිස්ස හිමියන්ට පාර්ලිමේන්තු ආසනයක් ලබා ගැනීමට ඉඩදිය නොහැකි බවට ඔහු සිය පැමිණිල්ලේ සදහන් කර තිබෙනවා.