Wednesday, April 24, 2024

General line - 0115112241

ඇගළුම් අවස්ථා යළි ගන්න විදෙස් රටවල් සමග සාකච්ජා ඇරඹෙයි




කොරෝනා වෛරසය හේතුවෙන් අඩපන වූ සංචාරක, අපනයන සහ ගුවන් තොටුපොල ක්‍ෂේත‍්‍ර ක‍්‍රමානුකූලව නගා සිටුවීමට කටයුතු කරන බව සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග පවසනවා. අඩපන වූ ඇගළුම් අපනයන කි‍්‍රයාවලිය යළි ඇරඹීමටද විදේශයන් සමග සාකච්ඡුා ආරම්භ කර ඇති බවයි අමාත්‍යවරයා කියාසිටියේ. ශී‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලයේ කටුනායක කලාප කාර්යාලයේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ  කළා.

රුපියලේ අගය වැඩි කිරීම සදහා අපනයනයන් වැඩි කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි එම අවස්ථාවට එක් වූ ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඞී වී චානක පැවසුවේ.

දැනට වසා දමා ඇති ගුවන් තොටුපොල සෞඛ්‍ය අංශවල අනුමැතිය ලද විගස කඩිනමින් යලි විවෘත කිරීමට ආණ්ඩුව සූදානම් බවයි මෙහිදි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.