Friday, April 19, 2024

General line - 0115112241

පළාත් සභා ඡන්දය නිම වන තුරු එජාප නායකයා රනිල්




එක්සත් ජාතික පක්‍ෂයට තරුණයින්ගෙන් සමන්විත අලූත් යාන්ත‍්‍රණයක් සකස් කරන බව පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. ඔහු සදහන් කළේ එළඹෙන පළාත් සභා මැතිවරණයට සාර්ථකව මුහුණදීම එහි අරමුණ බවයි. පළාත් සභා මැතිවරණයෙන් පසු එම යාන්ත‍්‍රණය තුළින් තරුණ නායකත්වයක් පත් කරන බවයි රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කළේ.

තරුණ යාන්ත‍්‍රණය තුළින් ඉදිරියට එන නායකයෙකුට පක්‍ෂය භාර දීමේදී කත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණය පමණක් නොව පක්‍ෂයේ අනෙකුත් අංශද ඊට දායක කර ගන්නා බව ඔහු පැවසුවා. එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ඉකුත් මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ සියලූ අපේක්ෂකයින් වෙනුවෙන් සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ අද සංවිධාන කර තිබූ දිවා භෝජන සංග‍්‍රහයේදීයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂය තුළ මතුව ඇති නායකත්වය පිළිබඳ ගැටළුව සම්බන්ධයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී ඊයේ දිනයේද දීර්ඝ ලෙස සාකච්ඡුා වී තිබුණා. එහිදී තීරණය වී ඇත්තේ නව නායකත්වයක් තෝරාපත් කර ගැනීම සඳහා තවත් මාස 6 ක කාලයක් ලබාදීමටයි.