Saturday, April 20, 2024

General line - 0115112241

කොරෝනා නිසා අප්‍රිකානු රටවල අපරාධ වල අඩුවක්




කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දකුණු අපි‍්‍රකාවේ අපරාධ වාර්තාගත ලෙස අඩුවී තිබෙනවා. එරට සංඛ්‍යා ලේඛණ දත්තවලට අනුව රට වසා දමා තිබූ පළමු මාස 3 තුළ දකුණු අපි‍්‍රකාවේ අපරාධ සියයට 40 කින් පහත වැටී ඇති බවයි අනාවරණ වන්නේ. අපේ‍්‍රල් සහ ජූනි මාස අතර වැඩිම ප‍්‍රතිශතයකින් අපරාධ අඩු වී ඇති බව දකුණු අපි‍්‍රකානු පොලීසිය පවසනවා. ලොව අපරාධ අතරින් වැඩිම අනුපාතයක් සහිත රටක් වන්නේ දකුණු අපි‍්‍රකාවයි. 

දකුණු අපි‍්‍රකාවෙන් මේ වනවිට වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන පන් ලක්‍ෂ 79,000 ඉක්මවා ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාවද 11,500 කට අධික වනවා. අද වනවිට ලොව පුරා රටවල් රැුසකින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන විසි එක් කෝටි තුන් ලක්‍ෂ 90,000 ඉක්මවා තිබෙනවා. කෙසේවෙතත් ඉන් කෝටි 14 ක්ම මේ වනවිටත් පූර්ණ සුවය ලබා අවසන්.