Friday, April 19, 2024

General line - 0115112241

පෘථිවියේ වැඩිම උෂ්ණත්වය මරණයේ නිම්නයෙන්




පෘථිවියේ වැඩිම උෂ්ණත්වය, උතුරු කැලිෆෝ්ර්නියාවේ ”මරණයේ නිම්නය” හෙවත් ඩෙත් වැලි ජාතික උද්‍යානයෙන් වාර්තා වී තිබෙනවා.

ඊයේ (17) දිනයේ එම නිම්නයෙන් වාර්තා වී ඇති උෂ්ණත්වය සෙල්සියස් අංශක 54.4 ක්. අමෙරිකා එක්සත් ජනපදයේ ජාතික කාලගුණ සේවය මගින් ස්ථාපිත කර ඇති ස්වයංක‍්‍රීය නිරීක්ෂණ පද්ධතියේ වාර්තාව අනුව එම ගණනය කිරීම් සිදු කර තිබෙනවා.  

මීට පෙර පෘථිවියේ වැඩිම උෂ්ණත්වය ලෙස සෙල්සියස් අංශක 56.7 ක උෂ්ණත්වයක් වාර්තා වී ඇත්තේ 1913 ජූලි මාසයේදීයි. එය ද වාර්තා වී ඇත්තේ ඩෙත් වැලි හෙවත් මරණයේ නිම්නයෙන්. කෙසේ වුවත් එම උෂ්ණත්ව ගණනය කිරීම දෝෂ සහිත බව කාලගුණ විද්‍යාඥයින් පසුව නිගමනය කර තිබෙනවා.