Thursday, March 28, 2024

General line - 0115112241

රුපියල් 5000 සේ හොර නෝට්ටු බන්ඩල් 128ක් සමග සැකකරුවන් කොටු 




රුපියල් 5000 සේ නෝට්ටුවක එක් පැත්තක් පමණක් මුද්‍රණය කර එවැනි නෝට්ටු 02ක් උඩ සහ යට පෙනෙන ආකාරයට තබා සකස් කර එවැනි ආකාරයේ බන්ඩල් 128ක් බෑගයක අසුරා කාර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරුවන් පිරිසක්ව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (17) දහවල් 2.30ට පමණ මුල්ලේරියාව ගල්වාන ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වැටලීම සිදු කර තිබුණා.

අත්අඩංගුවට පත් ව ඇති සැකකරුවන් වයස අවුරුදු 34, 36 සහ 42 යන වයස්වල පසුවන්නන්. ඔවුන් ජාඇළ, අංගොඩ සහ මුල්ලේරියාව ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා. සැකකරුවන් අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.