Thursday, April 25, 2024

General line - 0115112241

තරුණයන් අතර කොරෝනා වේගයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක්




තරුණ ප‍්‍රජාව අතර නව්‍ය කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් මතුව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. 

එම සංවිධානයේ බටහිර පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂ ටකේෂි කසායි පෙන්වා දෙන්නේ අවුරුදු 20 ත් 40 ත් අතර වයස් කාණ්ඩවල පුද්ගලයින් බහුතරයක් කොරෝනා අවදානම නොසලකා කටයුතු කිරීම ඊට හේතුව බවයි. එම වයස් කාණ්ඩවල කොරෝනා ආසාදිතයින් බොහෝදෙනා, තමන් කොරෝනා ආසාදිතයින් යැයි නොදන්නා බවයි ටකේෂි කසායි වැඩිදුරටත් සඳහන් කළේ. 

ජනාකීර්ණ සහ අඩු පහසුකම් සහිත ප‍්‍රදේශවල වෙසෙන පුද්ගලයින් අතර බහුල වශයෙන් කොරෝනා ව්‍යාප්තිය සිදු වන බව ද නවතම වාර්තා මගින් හෙළිව තිබෙනවා. 

මේ අතර, මේ වනවිට ලොව පුරා වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2,2152,763 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

ඒ අතරින් පුද්ගලයින් එක්කෝටි හතළිස් හතලක්ෂ අනූපන්දහස් අටසිය හතලිස් තුන්දෙනෙකු සුවය ලබා තිබෙනවා. ලොව පුරා මියගිය සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන777,477 ක් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.