Friday, April 26, 2024

General line - 0115112241

කොරෝනාවෙන් බැට කෑ වුහාන් නගරයේ පැවති සංගීත සැණකෙළියක් : දහස් ගණන් පිරිසක් සෞඛ්‍ය උපදෙස් කඩ කරයි (PHOTOS)




නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පළමුවෙන් ආරම්භ වූ චීනයේ වුහාන් නගරය දින 76 කට ආසන්න කාලයක් වසා තැබීමට පියවර ගනු ලැබුවා.

කෙසේ වුවත් ඉකුත් මාර්තු මාසයේදී වුහාන නගරය යළි විවෘත කිරිමෙන් පසුවද දැඩි සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේදයන්ට යටත්ව එහි නගර වැසියන් කටයුතු සිදුකරනු ලැබුවත් ඉකුත් සති අන්තයේ එහි පැවති සංගීත සංදර්ශණයක් සම්බන්ධයෙන් ලොවපුරා අවධානය යොමුවී තිබෙනවා.

වුහාන් හි පිහිටි මායා බිච් ජල උද්‍යානයේදී පැවති එළිමහන් භුමියේ පැවති සංගීත සංදර්ශනය සඳහා දහස් ගණනක් තරුණ තරුණියන් මුඛ ආවරණ හෝ සමාජ දුරස්ථ භාවයෙන් තොරව සහභාගීව සිටිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

මේ වන විට වුහාන් නගරයේ පිහිටි මෙම විනෝද උද්‍යානයට දෛනිකව 15,000ක පමණ අමුත්තන් පිරිසක් පැමිණෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

කෙසේ වුවත් කොවිඩ් 19 වසංගතය තවමත් ලොවපුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමිණ පවතින පසුබිමක නිසි සෞඛ්‍ය ආරක්‍ෂිත උපදෙස් වලින් තොරව පවත්වන මෙවැනි උත්සව හරහා වෛරසය යළි සමාජ ගතවීමේ අවධානමක් පවතින බවයි වෛද්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ.