Thursday, April 18, 2024

General line - 0115112241

වෙස්ටර්න් යුනියන් "සෙලාන් බැංකුව" සමඟ අත්වැල් බැඳ ගනී




දිවයින පුරා සෙලාන් බැංකු පරිශ්‍ර හරහා වෙස්ටර්න් යුනියන් මුදල් හුවමාරු සේවා, විදේශ මුදල් හුවමාරු සහ ගෙවීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන වෙස්ටර්න් යුනියන් සමාගම හා අත්වැල් බැඳගනිමින්, ලොවපුරා සිය ආදරණීයයන් සමග සම්බන්ධ වීමේ අවස්ථාව සියලු ශ්‍රී ලාංකික ජනතාව වෙත හිමිකර දීමට දැන් සෙලාන් බැංකුව කටයුතු සලසා දී තිබෙනවා. 

මෙමගින් දිවයින පුරා විසිරී ඇති 172 කට අධික සියලුම සෙලාන් බැංකු ශාඛා තුළින් ඔබේ විදේශ මුදල් ප්‍රේෂණය ලබාගැනීමට හැකියාව සැලසෙනවා.

විදේශ මුදල් හුවමාරුවේදී වෙස්ටර්න් යුනියන් සමාගම සතු සුවිශේෂී හැකියාව නිසා ලොවපුරා බැංකු සමඟ ගනුදෙනු නොකරන සහ අඩු බැංකුකරණ පහසුකම් සහිත මිලියන ගණනක් වූ ගනුදෙනුකරුවන්ට එම සේවාවන් සැපයීමට හැකිවී තිබෙනවා. 

පුළුල් ශාඛා ජාලයක් හරහා වෙස්ටර්න් යුනියන් සමාගම තම ගනුදෙනුකරුවන් හට අසමසම සේවා පහසුවක් පිරිනමනු ලබයි. Agent Locator Link හරහා තම ගනුදෙනුකරුවන් හට ළඟම පිහිටි සේවා පරිශ්‍රය පිළිබඳ තොරතුරු ලබාගැනීමට සලසා ඇති බැවින් ඕනෑම සෙලාන් බැංකු ශාඛාවක් මගින් තම ප්‍රේෂණ මුදල් ලබාගැනීමේ අවස්ථාව සලසා දී තිබෙනවා.


"ලොව පුරා ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා හඳුනාගනිමින් සැබෑ ගෝලීය සහ පරිපූර්ණ දැක්මකින් යුතුව කටයුතු කිරීමට වෙස්ටර්න් යුනියන් සමාගම කටයුතු කරනවා. තම මුදල් ලබා ගැනීම සඳහා ගනුදෙනුකරුවන්ට ඇති මධ්‍යස්ථාන තවදුරටත් වැඩි කිරීමට සෙලාන් බැංකුව සමඟ අත්වැල් බැඳගැනීම හරහා අපට හැකිවේ. ලොව පුරා රටවල් සහ ප්‍රදේශ 200 කට අධික සංඛ්‍යාවක සිටින සිය ආදරණීයයන් සමඟ සම්බන්ධ වීම සඳහා ගනුදෙනුකරුවන් හට පහසුකම් සැලසීමේ අපගේ දැක්ම හේතුවෙන් ඉහල ප්‍රමිතියෙන් යුතු සේවාවක් ලබාදීමට අපට හැකි වී තිබේ." යනුවෙන් වෙස්ටර්න් යුනියන් සමාගමේ මැදපෙරදිග සහ ආසියා පැසිෆික් කලාපයේ ජාල ප්‍රධානී සෝහිනී රජෝලා මහත්මිය සඳහන් කළා.


"විදේශගතව ජීවත්වන සහ එම රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන් නිරන්තරයෙන්ම මෙරට සිය ආදරණීයයන් හට මුදල් එවීම සිදුකරනු ලබයි. විදේශයක සිට එවන මුදල් ලබා ගැනීමේදී ගනුදෙනුකරුවන් හට වැදගත් වන්නේ පහසුව, ඉකමන්බව සහ විශ්වසනීය බවයි. වෙස්ටර්න් යුනියන් සමඟ ඇතිකර ගත් මෙම සබඳතාව හරහා නගරබද ජනතාවට මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවට ද සේවය සැලසීමට අපට හැකියාව ලැබී ඇත. අපගේ ඉතිහාසය පුරාම අප සිදුකරන සෑම දෙයක්ම පාරිභෝගික අභිලාෂයන් ඉටුකිරීම පෙරටුකර ගනිමින් ඉටු කිරීමට කටයුතු කර ඇති අතර එය ඉදිරියටත් පවත්වාගෙන යාම අපගේ අරමුණයි." යනුවෙන් සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී කපිල ආරියරත්න මහතා ප්‍රකාශ කළා.


වර්ධනය වන දේශීය මුල්‍ය ආයතන සමඟ සම්බන්ධවීම සඳහා වෙස්ටර්න් යුනියන් සමාගම සතු සුවිශේෂී හැකියාව හේතුවෙන් ලොව පුරා බැංකු සමඟ ගනුදෙනු නොකරන සහ අඩු බැංකුකරණ පහසුකම් සහිත මිලියන ගණනක් වූ ජනතාවකට එම සේවාවන් ළඟාකරවීමට හැකිවී තිබෙනවා. ශ්‍රී ලාංකේය ගනුදෙනුකරුවන් හට අසමසම සේවාවක් පිරිනමමින් පුළුල් නියෝජිත ශාඛා ජාලයක් හරහා වෙස්ටර්න් යුනියන් සමාගම ගනුදෙනුකරුවන් වෙනුවෙන් සේවය සලසයි. Agent Locator link හරහා ළඟම පිහිටි පරිශ්‍රය පිළිබඳ තොරතුරු ලබාගත හැකිය.

වෙස්ටර්න් යුනියන් පිළිබඳ 

වෙස්ටර්න් යුනියන් (NYSE: WU) යනු විදේශ මුදල් හුවමාරු සහ ගෙවීම් ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛ සමාගමකි. ඩිජිටල් ලෝකයත්, භෞතික ලෝකයත් සම්බන්ධ කරමින් එම සමාගම කඩිනමින්, පහසුවෙන් සහ විශ්වාසයෙන් යුතුව මුදල් යොමු කිරීමේ සහ මුදල් ලබාගැනීමේ හැකියාව ගනුදෙනුකරුවන්ට සහ ව්‍යාපාරවලට හිමිකර දී ඇත. 2020 ජූනි 30 වනදා වන විට එම සමාගමේ ගනුදෙනුකාර නියෝජිත මධ්‍යස්ථාන සංඛ්‍යාව 550,000 කට අධික වන අතර ලොව පුරා රටවල් සහ ප්‍රදේශ 200 කට අධික සංඛ්‍යාවක ගිණුම් බිලියනක් වෙත මුදල් යොමු කිරීමේ හැකියාවෙන් යුතු වෙයි. තවද, 2019 වසරේදී එම සමාගමේ ශීඝ්‍රයෙන් ම වර්ධනයවන මාධ්‍යය බවට පත්වූ westernunion.com වෙබ්අඩවිය ද මේ වන විට ලොව පුරා මුදල් සංසරණය කිරීම සඳහා රටවල් 75 කට අධික රටවල් සහ ප්‍රදේශ සංඛ්‍යාවක ව්‍යාප්තව ඇත. 

සිය ගෝලීය ව්‍යාප්තිය සමඟින් වෙස්ටර්න් යුනියන් සමාගම මුල්‍ය අන්තර්කරණය සහ ආර්ථික වර්ධනය සඳහා සහයෝගය ලබාදීම සඳහා පවුල්, හිතවතුන් සහ ව්‍යාපාර සම්බන්ධ කරමින් වඩාත් යහපත් මුදල් සංසරණයක් සිදු කරයි. වැඩිදුර විස්තර සඳහා westernunion.com වෙත පිවිසෙන්න.


සෙලාන් බැංකුව පිළිබඳ 

සෙලාන් බැංකුව යනු 1987 වසරේදී ස්ථාපනය කරන ලද සීමිත වගකීම් සමාගමකි. සම්ප්‍රදායික වාණිජ බැංකුකරණය ඉලක්කකර ගනිමින් ක්‍රියාත්මක වන එම බැංකුවේ කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලය සහ දිවයින පුරා පිහිටි 172 ක් වූ ශාඛා ජාලය හරහා එහි මෙහෙයුම් කටයුතු කරනු ලබයි. 

සිය වටිනා ගනුදෙනුකරුවන් වෙනුවෙන් අසමසම බැංකුකරණ අත්දැකීමක් පිරිනැමීමේ දැක්මෙන් යුතුව කටයුතු කරන සෙලාන් බැංකුව, බැංකුකරණ ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂ්‍ය සනිටුහන් කළ නව තාක්ෂණය, නවෝත්පාදන නිෂ්පාදන සහ සේවා සමඟින් ශීඝ්‍ර වර්ධනයකට හිමිකම් කියයි. සිය ගනුදෙනුකරුවන් හට සැබෑ අගයක් දායාද කිරීම සඳහා සෙලාන් බැංකුව බැංකුකරණ ක්ෂේත්‍රයට පළමු වරට හඳුන්වා දෙන ලද සේවා රැසක් වෙයි.

දිවයින පුරා 172 ක ශාඛා ජාලය සහ ගනුදෙනුකරුවන්ට වැදගත් මධ්‍යස්ථාන 215 ක පිහිටි ATM ජාලය මෙන්ම සෙනසුරාදා දින විවෘත ශාඛා 15 ක් ද සමඟින් එම බැංකුව සිය පාරිභෝගිකයන්ට සේවා සපයයි. ශීඝ්‍රයෙන් වර්ධනය වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය, පාරිභෝගික, ආයතනික ගනුදෙනුකාර පදනමකට හිමිකම් කියන සෙලාන් බැංකුව ඩිජිටල් අලෙවිකරණයේ විශිෂ්ටත්වය වෙනුවෙන් ගෝලීයව ඇගයුමට ලක්ව ඇති බැංකුවකි.