Friday, March 29, 2024

General line - 0115112241

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්මන්ත‍්‍රණය අති සාර්ථකව (UPDATE)




නෙත් එෆ්.එම් රේඩියෝව සහ සම්පත් බැංකුව එක්ව සංවිධාන කරන 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්මන්ත‍්‍රණ මාලාවේ මෙම වසරේ අවසන් සම්මන්ත‍්‍රණය අද (06) අති සාර්ථකව පැවැත්වුණා. ඒ, බදුල්ල ඌව පළාත් පුස්තකාල ශ‍්‍රවණාගාරයේදීයි.

ඒ සඳහා සිසුන් මෙන්ම දෙමාපියන්ද මහත් උනන්දුවකින් එක්ව සිටියා.

මේ, සම්මන්ත‍්‍රණයට එක්වූ දෙමාපියන් කිහිප දෙනෙකු පළ කළ අදහස් පහතින් අහන්න.

………………………………………………………………………..

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්මන්ත‍්‍රණ මාලාව අද බදුල්ලේදී

Aug 6, 2016 @ 12:36

නෙත් එෆ්.එම්. රේඩියෝව සම්පත් බැංකුව සමග එක්ව සංවිධාන කරන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්මන්ත‍්‍රණ මාලාවේ මෙම වසරේ අවසන් සම්මන්ත‍්‍රණය අද පැවැත්වෙනවා. ඒ, බදුල්ල පුරවරයේදීයි.

මෙම අවස්ථාවට විශාල ළමුන් පිරිසක් බදුල්ල මහජන පුස්තකාලයට එක්වී සිටි බව අප වාර්තාකරු සඳහන් කළා.

එය මෙහෙයවනු ලබන්නේ ප‍්‍රවීණ ශිෂ්‍යත්ව දේශක සරත් ආනන්ද ගුරුපියාණන් විසින්.

ප‍්‍රවීණ මාර්ගෝපදේශක සරත් අලවතුර මහතාගේ සහභාගිත්වයෙන් දෙමව්පියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද මේ යටතේ කි‍්‍රයාත්මකයි.

 

………………………………………………………..

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්මන්ත‍්‍රණ මාලාවේ අවසන් සම්මන්ත‍්‍රණය හෙට

Aug 5, 2016 @ 19:36

නෙත් එෆ්.එම්. රේඩියෝව සහ සම්පත් බැංකුව එක්ව 9වන වරටත් සංවිධාන කරන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්මන්ත‍්‍රණ මාලාවේ අවසන් සම්මන්ත‍්‍රණය හෙට (06) පැවැත්වෙනවා. ඒ, බදුල්ලේ පිහිටි ඌව පළාත් පුස්තකාල ශ‍්‍රවණාගාරයේදීයි.

උදෑසන 8.00ට සම්මන්ත‍්‍රණය ආරම්භ කෙරෙනවා. එය මෙහෙයවනු ලබන්නේ ප‍්‍රවීණ ශිෂ්‍යත්ව දේශක සරත් ආනන්ද ගුරුපියාණන් විසින්.

ප‍්‍රවීණ මාර්ගෝපදේශක සරත් අලවතුර මහතාගේ සහභාගිත්වයෙන් දෙමව්පියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ද මේ යටතේ කි‍්‍රයාත්මකයි.