Saturday, April 20, 2024

General line - 0115112241

ලිංගික අල්ලස් වැළැක්වීමට ඇතැම් නීති වෙනස් විය යුතුයි



ලිංගික අල්ලස් වැළැක්වීම සඳහා මෙරට ඇතැම් නීති වෙනස් විය යුතු බව නීතීඥ රාජිකා ගුණරත්න පවසනවා. ඊයේ (25) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් කණපිට වැඩසටහනට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළා.

මෙම වැඩසටහනට එක්වූ සාමානාත්මතාව හා යුක්තිය සඳහා වූ කේන්ද්‍රයේ ව්‍යාපෘති නිලධාරී රශ්මිනි ද සිල්වා පැවසුවේ මෙරට ගෘහ මූලික කාන්තාවන් ලිංගික අල්ලස්වලට ගොදුරු වීමේ වැඩි ප‍්‍රවණතාවක් පවතින බවයි. 

ලිංගික අල්ලස් හේතුවෙන් මානසිකව පීඩාවට ලක්වන අයට උපදෙස් ලබාගත හැකි ආයතන පිළිබඳ මෙහිදී කරුණු දැක්වීමක් ද සිදු කෙරුණා. ඒ මනෝ විද්‍යා උපදේශක නිවේන්ද්‍ර උඩුමාන් විසින්.

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් කණපිට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.