Saturday, April 20, 2024

General line - 0115112241

එකම පවුලේ 7ක් පෝරකයට




මිනීමැරුම් චෝදනාවකට වරදකරු වූ එකම පවුලේ හත්දෙනෙකුට නුවරඑළියේ මහාධිකරණයෙන් අද (05) මරණ දඬුවම නියම වුණා.

මෙම ඝාතනය සිදුව තිබුණේ 2000 වසරේ ජූලි 4 වැනිදායි. නුවරඑළිය වෙන්චර් වතුයායේදී පුද්ලයෙකුට පහරදී ඝාතනය කළ බවට චෝදනා 3ක් යටතේයි සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනුකර තිබුණේ.

දීර්ඝ නඩු විභාගයකින් අනතරුව මිනී මැරුම් චෝදනාවට වරදකරුවන් වූ ඔවුන්ට මරණ දඬුවම නියම කිරීමට මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක අද (05) තීරණය කළා.

මීට අමතරව වරදකරුවන් වූ 7 දෙනාට රුපියල් තුන්දහස බැගින් වූ දඩයක්ද නියම කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

court www.nethnews.lk0001 court www.nethnews.lk0002 court www.nethnews.lk0003 court www.nethnews.lk0004