Saturday, April 20, 2024

General line - 0115112241

දුරකතන අංක වෙනස් නොකර සේවා සපයන්නා තෝරා ගැනීමේ පහසුකම දීම ගැන ඩයලොග් කරුණු කියයි




ශ්‍රී  ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Number Portability (NP) පහසුකම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කිරීමෙන් අනතුරුව,  ශ්‍රී  ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී (ඩයලොග්), ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් විදුලි සංදේශ ක්ෂේත්‍රයේ පාරිභෝගිකයාගේ තෝරාගැනීමේ නිදහස  ඉහළ  නැංවීමට සමත්වන ජාත්‍යන්තරව පිළිගත් ක්‍රියාමාර්ග සහිත සැලැස්ම යළි ක්‍රියාවට නැංවීමට ගත් තීරණය අගයමින් එය ප්‍රශංසාවට ලක් කර තිබෙනවා. 

Number Portability (NP) පහසුකම යටතේ පාරිභෝගිකයෙකුට තමා භාවිතා කරනු ලබන ජංගම හෝ ස්ථාවර දුරකතන අංකය වෙනස් නොකර එම අංකය හරහාම වෙනත් දුරකතන සේවා සම්පාදකයෙකුගෙන් සේවාව ලබාගැනීමට හැකියාව හිමිවන අතර මෙය මේ වනවිටත් ලෝකයේ වෙනත් රටවල පාරිභෝගිකයන් බහුලව භාවිත කරන පහසුකමක්. එය නව්‍ය කරණය වූ විදුලි සංදේශ වෙළඳපොළක දැකිය හැකි ප්‍රධාන ලක්ෂණයක් බවයි ඩයලොග් පෙන්වා දෙන්නේ. 

(එම සම්පූර්ණ නිවේදනය පහතින්)