Friday, April 19, 2024

General line - 0115112241

මුලතිව් හි බෞද්ධ විහාරස්ථානයක් ඉවත් කරන්නැයි ටී.එන්.ඒ. මන්ත‍්‍රීවරයෙකුගෙන් තර්ජන

මුලතිව් කෝකිලායි හි පිහිටි ශ‍්‍රී සම්බෝධි විහාරයේ ඉදිකිරීම්වලට දෙමළ ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරයෙකුගෙන් තවදුරටත් බාධා පැමිණ ඇතැයි නෙත් නිවුස් වෙත වාර්තා වුණා. පූජ්‍ය තිස්සපුර ගුණරතන හිමියන් පැවසුවේ විහාරස්ථානය මෙම ප‍්‍රදේශයෙන් ඉවත් කර තමන් වහන්සේට ද ප‍්‍රදේශය අතහැර යන්නැයි අදාළ මන්ත‍්‍රීවරයා තර්ජනය කරන බවයි.

තවදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ, කෝකිලායි සිංහල විදුහලේ ඉගැන්වීම සඳහා වැඩම කිරීමෙන් අනතුරුව සිංහල දෙමළ දරුවන්ට පෙර පාසල් අධ්‍යාපනය සහ ගෙවතු වගාව ද ඇතුළුව විවිධ අංශ වලින් දැනුම ලබා දීමට සම්බෝධි විහාරය මගින් කටයුතු කළ බවයි.

ශ‍්‍රී සම්බෝධි විහාරය කෝකිලායි ප‍්‍රදේශයෙන් ඉවත් කළ යුතු බවට උතුරු පළාත් සභාවට ද යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයිද ගුණරතන හිමියන් පවසනවා.විහාරය ඉවත් කළ යුතු බවට උතුරු පළාත් මහ ඇමතිවරයා ප්‍රකාශ කර තිබූ බවද උන්වහන්සේ පවසනවා.

මේ පිලිබඳ අදහස් දක්වමින් දෙමළ සන්ධාන මන්ත්‍රී තුරෙයිරාසා රවිහරන් පවසන්නේ කෝකිලායි සිංහල වැසියන් කිතුනුවන් වන හෙයින් එම ස්ථානයට බෞද්ධ විහාරයක් අනවශ්‍ය බවයි.