Thursday, April 18, 2024

General line - 0115112241

ඔලිම්පික් සමාරම්භක උළෙල ඇරඹේ – අපේ ‘සිංහයෝ‘ ගමන් කළ හැටි මෙන්න (PHOTOS)




රියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය මේ වන විට පැවැත්වෙනවා. ඒ, බ‍්‍රසීලයේ රියෝද ජැනයිරෝ නුවර මරකානා ක‍්‍රීඩාංගණයේදීයි.

රටවල් 206ක ක‍්‍රීඩක කී‍්‍රඩිකාවන්, පුහුණුකරුවන් හා නිලධාරීන් දස දහස් පන්සීයකට වැඩි පිරිසක් මෙවර ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල සදහා සහභාගි වී සිටිනවා. ඔවුන් ක‍්‍රීඩාංගණයට පිවිසියේ තමන් නියෝජනය කරන රටෙහි ධජය පෙරටුකර ගනිමින්.

කණ්ඩායම් නායකයින් විසින් ඒ ඒ රටෙහි ජාතික ධජය රැගෙන ආවා. ඔවුන් සමග පැළයක් රැගත් කුඩා දරුවෙකු හෝ දැරියක ද ගමන් කිරීම විශේෂත්වයක්. ක‍්‍රීඩාංගණයට පළමුවෙන්ම පැමිණියේ ග‍්‍රීසිය නියෝජනය කරන කණ්ඩායමයි.

රියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය ආරම්භ වූයේ බ‍්‍රසීලයේ ජාතික ගීය ගායනා කිරීමෙන්. ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පුහුණුකරුවන් සහ නිලධාරීන් කණ්ඩායම් ලෙස ක‍්‍රීඩාංගණයට පිවිසීමට පෙර විචිත‍්‍රාංග කිහිපයක් ද ඉදිරිපත් කෙරුණා.

මෙම විචිත‍්‍රාංගවලින් නිරූපණය කෙරුණේ බ‍්‍රසීලයේ අභිමානය සහ ලෝකයම එකම ජාතියක් බවයි. දියුණු නූතන තාක්ෂණය ද මේ සදහා යොදාගෙන තිබුණා.

සමාරම්භක උළේලේ ඡායාරූප පහතින් නරඹන්න

13925051_10210285899490210_512734758550237779_n 13872726_10210285898650189_5119532094324078036_n 13912491_10210285899050199_3761946551448738116_n

efed910c-2a2f-421b-974c-766f376431ec

13939318_10210285102590288_4671838392188670367_n 13876113_10210284944746342_2320713300352272223_n 13906869_10210285102790293_1632017262511040004_n 13921054_10210284989987473_7817118260899256678_n