Friday, April 26, 2024

General line - 0115112241

සමාජ මාධ්‍ය තුළ පැතිරෙන අසත්‍ය ප්‍රචාරණයන්ට ලංකා බැංකුවෙන් පිළිතුරු




ශ්‍රී ලංකාවේ ප්‍රධාන මුල්‍ය ආයතනයක් වන ලංකා බැංකුවේ අභ්‍යන්තර ප්‍රශ්න හේතුවෙන් බැංකුවේ පරිපාලනය සහ ව්‍යාපාරික කටයුතු වලට බාධා වන බව පවසමින් ලංකා බැංකුවට හා එහි නිලධාරීන්ට එරෙහිව සමහර සමාජ මාධ්‍ය ජාල ඔස්සේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව ලංකා බැංකුව පවසනවා.

ලංකා බැංකුව පසුගිය මාස 06 තුලදී රුපියල් බිලියන 6.9ක ලාභයක් ලබමින් රාජ්‍ය බැංකුවක් ලද ඉහළම ලාභය වාර්තා කොට ඇත.

රජය ක්‍රියාත්මක කළ 4% ක ව්‍යාපාර නැවත නඟා සිටුවීමේ ණය යෝජනා ක්‍රමය යටතේ ලංකා බැංකුව විසින් රුපියල් බිලියන 22ක ණය මුදා හරිමින් රටේ සියළුම වාණිජ බැංකු අතර ප්‍රමුඛ ස්ථානයට පත්ව ඇත.

කොවිඩ් -19 වසංගතය පැවති කාලයේදී රජයේ ප්‍රතිපත්ති හා එක්ව යමින් රටේ ආර්ථිකය හා මුල්‍ය ස්ථායිතාව පවත්වා ගැනීමට සහයෝගය ලබාදීම ආදී කරුණු වලදී ලංකා බැංකුව ඉහල ප්‍රථිපල අත්පත් කර ගැනීමට සමත්ව ඇත.

ලංකා බැංකුව ඉතා ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමේදී රසල් ෆොන්සේකා ඇතුළු ඉහළ කළමණාකාරීත්වයේ සහ සියළුම සේවකයින්ගේ සහයෝගය තමාට ලැබුණු බවයි වැඩබලන මහා කළමනාකරු සුගත් ගුණසේකර ප්‍රකාශ කර ඇත.