Wednesday, April 24, 2024

General line - 0115112241

විස්සේ අඩුපාඩු පෙන්නූ පොහොට්ටු මන්ත්‍රිවරයාගෙන් නිදහසට කරුණු විමසලා




විසි වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇති ඇතැම් අඩුපාඩු සම්බන්ධයෙන් ආණ්ඩු පක්‍ෂ රැස්වීමේදී අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්තී‍්‍ර නීතිඥ පේ‍්‍රමනාත් සී දොලවත්තගෙන් ඊට හේතු විමසීමට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ කටයුතු කර ඇතැයි වාර්තා පළ වනවා.

ඒ පිළිබද අවවාද කරමින් එම මන්තී‍්‍රවරයාට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර සාගර කාරියවසම් විසින් ලිපියක්ද යවා ඇති බවටයි වාර්තා වන්නේ.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 53 වන වගන්තියේ ඇති රටේ ඒකීයභාවය සුරකින බවට වූ වගන්තිය නව ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් නොවීම සම්බන්ධයෙන් මෙම මන්තී‍්‍රවරයා ආණ්ඩු පක්‍ෂ රැස්වීමේදී අදහස් පළ කර ඇතැයි සදහන්.

ඊට සංශෝධන ගෙනආ යුතු බවටයි ඔහු එහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත්තේ. සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල ඊයේ පැවසුවේ 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ ලේඛණවල ඇති අඩුපාඩු කමිටු අවස්ථාවේදී සංශෝධනය කරන බවයි.