Friday, April 19, 2024

General line - 0115112241

බූස්සේ වර්ජනයේ නරත විශේෂ ගණයේ රැඳවියන් අතරින් දෙදෙනෙක් ඉවත් වෙයි




බූස්ස බන්ධනාගාරයේ රැදවියන් පිරිසක් තවදුරටත් ආහාර වර්ජනයේ නිරත වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

මෙලෙස ආහාර වර්ජනයේ නිරත වන්නේ විශේෂ ගණයේ රැඳවියන් පිරිසක්. වෙලේසුදා, පොඩි ලැසී, කංජිපානි ඉම්රාන් ඇතුළු රැදවියන් 37 දෙනෙකු මෙලෙස ආහාර වර්ජනයේ නිරත වන්නේ ඊයේ (10) උදෑසන සිටයි.

කෙසේවෙතත් පොට්ට නවුෆර්, ආමි සම්පත්, කැවුමා ඇතුළු 8 දෙනෙකු එම වර්ජනයට එක්ව නොමැති බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. ආහාර වර්ජනයේ නිරත වන රැදවියන් 37 දෙනාගෙන් තවත් දෙදෙනෙකු ආහාර වර්ජනයෙන් අද (11) ඉවත් වී තිබෙනවා.

රැදවියන් පිරිසක් මෙලෙස ආහාර වර්ජනයේ නිරත වන්නේ  ලබාදුන් දුරකථන පහසුකම ඉවත් කිරීම හා විශේෂ කාර්යය බලකාය විසින් සිදුකරන පරීක්ෂාවනට එරෙහිව මෙන්ම තමන්ට මාසිකව බන්ධනාගාරයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට පනවා ඇති සීමාව රුපියල් 20,000 දක්වා වැඩි කිරීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්.