Friday, April 19, 2024

General line - 0115112241

පාස්කු පරීක්ෂණයෙන් ආන්දෝලනාත්මක රහසක් හෙළිවේ - යහපාලන රජයේ දේශපාලන නියෝජිතයන් සහරාන් හෂීම් සමග සාකච්ඡා කෙරෙන වීඩියෝවක් නිකුත් වේ




යහපාලනය පිහිටුවීමට දායක වූ දේශපාලන නියෝජිතයින් පිරිසක්, සහරාන් හෂීම් සමඟ දීර්ඝ සාකච්ඡුාවක නිරත වන වීඩියෝ පටියක් පිළිබඳ තොරතුරු පාස්කු ප‍්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේදී පළමුවරට අනාවරණය කෙරුණා.

ඒ දේශපාලන නියෝජිතයකු එම කොමිසම හමුවේ සාක්ෂි දුන් අවස්ථාවේදීයී. ඊයේ රාත‍්‍රියේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම සඳහා කැඳවා තිබුණේ, මොහොමඞ් මුස්තෆා අබ්දුල් රහුමාන් නමැත්තායි.

ඔහු 2015 දී යහපාලනය ස්ථාපිත කිරීම සඳහා ගොඩනැඟු‍ණු ” භත්‍‍ඨඨ හෙවත් යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණ ” සංවිධානයෙන් 2015 වසරේදී මහමැතිවරණයට ඉදිරිපත්ව පරාජය වූ අපේක්ෂකයකු වනවා. 

මෙහිදී යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු අපේක්ෂක  මොහොමඞ් මුස්තෆා අබ්දුල් රහුමාන් සමඟ නැගෙනහිර පළාත් සභාවේ හිටපු මුස්ලිම් කොංග‍්‍රසයේ මන්ත‍්‍රී සිබ්ලි ෆාරුක් යන අය  පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාර මාලාව දියත් කළ සහරාන් හෂීම් සමග සාකච්ඡුාවක නිරතවන වීඩියෝ පටයක් කොමිසම හමුවේ මෙහිදී දර්ශනය කෙරුණා.

මෙම වීඩියෝ පටයෙහි ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ හිටපු මන්ත‍්‍රී සිබ්ලි ෆාරුක් සහ සාක්ෂිකාර අබ්දුල් රහුමාන් මෙලෙස රැඳී සිටින අතර ඔවුන්ගේ ඉදිරියේ අසුන්ගෙන සිටින්නේ පාස්කු ප‍්‍රහාරය මෙහෙය වූ සහරාන් හෂීම් සහ ඔහුගේ සොහොයුරු ෂෙයින් මොහොමඞ් යන අයයි.

මෙම වීඩියෝ පටය විනාඩි 30කට ආසන්න කාලයක් රූගත කර ඇති අතර එම කොටස පමණක් සාක්ෂිකරු ඉදිරියේ කොමිසම විසින් දර්ශනය කෙරුණා. ඔවුන් අතර මෙම සාකච්ඡුාව සිදු වන්නේ දෙමළ බසින්.

මෙම සාකච්ඡාවට අනුව නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම් හිස්බුල්ලාට අරාබියෙන් ලැබී තිබූ රියාල් මිලියන එකක පමණ මුදලක් සම්බන්ධයෙන් සහරාන් හෂීම් සහ සිබ්ලි ෆාරුක් සංවාදයක යෙදෙන අයුරු දැක්වෙනවා.

එම වීඩියෝවේ වැඩිදුරටත් දැක්වෙන්නේ අදාළ මුදල හිස්බුල්ලාගේ දේශපාලන කටයුතු සඳහා අරාබියෙන් ලැබෙන හෝ හිරා පදනම මඟින් ලැබෙන ඒවාද යන්න සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡුා කරන ආකාරයක්. මෙහිදී සහරාන් හෂීම් ප‍්‍රකාශ කරන්නේ අරාබියෙන් එලෙස මුදල් හිස්බුල්ලාගේ කටයුතු සඳහා යොදා ගැනීම පිළිබඳව ගැටලූ‍වක් නොමැති බවයි.  

මෙහිදී මෙම හමුව සම්බන්ධයෙන් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය සාක්ෂිකරුගෙන් ප‍්‍රශ්න කළේ ”ඇයි ඔබ සහ සිබ්ලි ෆාරුක් සහරාන් හෂීම්ව හමුවුණේ? යනුවෙන්.

යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණේ අපේක්ෂක අබ්දුල් රහුමාන් එහිදී සාක්ෂි දෙමින් කියා සිටියේ ”මේ සාකච්ඡාව පැවැත්වුණේ සහරාන්ගේ කාර්යාලයේයි. මෙය දේශපාලන සාකච්ඡුාවක්. 2015 මහමැතිවරණයට සතියකට පමණ ඉහතදී තමයි මෙම සාකච්ඡාව සිදුවුණේ" - යනුවෙන්.