Saturday, April 20, 2024

General line - 0115112241

වෙනත් පක්ෂයක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පිළිබඳව එජාපයෙන් නිවේදනයක්




මරණ දඬුවම නියම වී සිටින පේ‍්‍රමලාල් ජයසේකර සම්බන්ධයෙන් කතානායකවරයා ලබාදුන් තීරණය යළි සලකා බැලිය යුතු බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. 

අදාළ කරුණු සම්බන්ධයෙන් කතානායකවරයා ගෙන ඇති තීරණය අනීතික තීරණයක් බවත් එය ආපසු හැරවිය යුත්තක් බවත්, එක්සත් ජාතික පක්ෂ මහලේකම් නීතීඥ අකිල විරාජ් කාරියවසම් නිකුත් කළ නිවේදනයක සඳහන්.

එසේ නොමැතිව පූර්වගාමී නියෝග හා පාර්ලිමේන්තුවේ උසස් සම්ප‍්‍රදායන් ඉවතලා කටයුතු කිරීම අනාගතයේදී ත‍්‍රස්තවාදීන් පවා පාර්ලිමේන්තුවට පත් වීමේ මග සකස් කිරීමක් වනු ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.