Tuesday, September 22, 2020

General line - 0115112241

හලාවත රෝහලේදී මිය ගිය පුද්ගලයා කොවිඩ් ආසාදිතයෙක් බව හෙළිවෙයි : ලංකාවේ 13 වන කොවිඩ් මරණය

7001Views


 


 

 

 

අද දහවල් හලාවත මුලික රෝහලේදී මියගිය රෝගියා කොවිඩ් 19 ආසාදිත රෝගියෙක් බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කර සිටිනවා. මෙය ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ 13 වන කොවිඩ් 19 ආසාදිත මරණයයි

මෙසේ මියගොස් ඇත්තේ 60 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහු නාවිකයෙක් ලෙස සේවය කළ අයෙක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

බහරේන් සිට මෙම පුද්ගලයා ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ සැප්තැම්බර් මස 02 වෙනිදාය. එම අවස්ථාවේදී ඔහු කොවිඩ් රෝගියෙකු ලෙස හඳුනාගෙන නොමැති අතර නිරෝධායනයට ලක්වෙමින් සිටින අතරවාරයේදී සැප්තැම්බර් මස 09 වෙනිදා හලාවත රෝහලට ඇතුලත් කොට ඇත.

මෙම මරණයට ආසන්නතම හේතුව ලෙස දැක්වෙන්නේ හෘදයාබාධයක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here