Saturday, April 20, 2024

General line - 0115112241

කොරෝනා වෛරසයට එරෙහිව චීනයෙන් සුබ ආරංචියක්




චීනය නිපදවූ නව්‍ය කොරෝනා වෛරසයට එරෙහි එන්නත් ලබන නොවැම්බර් මාසයේදී මහජන භාවිතය වෙනුවෙන් නිකුත් කිරීමට සූදානම් බව එරට රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය නිවේදනය කර තිබෙනවා.

නව්‍ය කොරෝනා වෛරසයට ප‍්‍රතිකාර වශයෙන් චීනය විසින් මේ වනවිට එන්නත් 04 ක් නිපදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එම එන්නත්වල සායනික අත්හදා බැලීම් මේ වනවිට අවසන් අදියරයේ පවතින බව ද චීනයේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය සඳහන් කළා. 

එම එන්නත් 04 න් තුනක්, මේ වනවිටත් චීනයේ කොරෝනා ආසාදනය වූ අත්‍යාවශ සේවා රාජකාරී සිදු කරන පුද්ගලයින්ට ලබා දී ඇති බවයි වාර්තා වන්නේ. සිව්වන එන්නත, කොරෝනා ආසාදනය වූ චීන හමුදා සාමාජිකයින් සඳහා ලබාදීමට පියවර ගෙන තිබුණේ පසුගිය ජුනි මාසයේ සිටයි.