Friday, March 29, 2024

General line - 0115112241

සමාජ මාධ්‍යජාලය කැළඹු ක්‍රිකට් අතුරණ ගිනි තැබීමේ සිද්ධියට ඇමති නාමල් මැදිහත් වෙයි : සිසුන් කොළඹට කැඳවා ගැටළු විසඳයි (PHOTOS)




කැකිරාව රණජයපුර විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුවීම් සඳහා යොදා ගන්නා තණතීරු අතුරණය (මැටින්) කිසියම් පිරිසක් විසින් ඉකුත් 13 වෙනිදා සවස විද්‍යාලයීය ක්‍රීඩාගාරයේ තිබියදී ගිනි තබා තිබූ පුවත මාධ්‍ය මගින් වාර්තා වීමත් සමගම ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ අවධානය යොමුවී තිබෙනවා.
 
එම මාධ්‍ය වාර්තාව පිළිබද  අවධානය යොමු කල තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ අද (15) දින එම පාසැලේ  ක්‍රීඩකයින් සහ නිළධාරීන් හට තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයට පැමිණෙන ලෙස ආරාධනා කළ අතර එහිදී ඔවුන් සමග සාකච්ඡා කළ අමාත්‍යවරයා එම ක්‍රීඩකයින් මුහුණ දී ඇති තත්වය තේරුම් ගෙන ක්‍රිකට් ආයතනය හරහා ඔවුන්ට නව තණතීරු අතුරණයක් (මැටින්) ලබා දීමට කටයුතු කර තිබෙනවා. 

එමෙන්ම පාසැලේ ක්‍රීඩා දියුණුව සඳහා ක්‍රිකට් භාණ්ඩ කට්ටල 02 ක් ද ලබා දුන් අතර එම උපකරණ කැකිරාව ප්‍රදේශය බලා රැගෙන යාමට පාසැලේ සිසුන් ඇතුළු නියෝජිතයින් හට ප්‍රවාහණ පහසුකම්ද අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

ඉදිරියේදී එම දරුවන් හට එළිමහන් කායවර්ධන මධ්‍යස්ථානයක් සහ ක්‍රීඩා යටිතල පහසුකම් රැසක් ගොඩ නැගීම සදහා අවශ්‍ය කටයුතු සලසන ලෙස අමාත්‍යවරයා විසින් නිළධාරීන් හට උපදෙස් ලබාදී ඇත.