Tuesday, September 22, 2020

General line - 0115112241

බංග්ලාදේශ ක‍්‍රිකට් බලධාරීන් සමග යළිත් සාකච්ඡා කරයි

610Views


 


 

 

 

බංග්ලාදේශ ක‍්‍රිකට් කණ්ඩායමේ ශ‍්‍රී ලංකා තරග සංචාරය පිළිබද බංග්ලාදේශ ක‍්‍රිකට් බලධාරීන් සමග සාකච්ඡා කරන ලෙස ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දනුම් දී තිබෙනවා.

ඒ, සිය ක‍්‍රීඩකයින් මෙරටදී දින 14ක නිරෝධායනයක් සදහා යොමු කිරීම පිළිබද බංග්ලාදේශ ක‍්‍රිකට් සභාපතිවරයා විරෝධය පළ කිරීමත් සමගයි.

උද්ගත වූ තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක් වූ කී‍්‍රඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ කියා සිටියේ "ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයත් කොවිඩ් කමිටුවත් ඉදිරි දිනෙක රැස් වී ශ්‍රී ලංකාව තුළ එම තරගාවලිය පැවැත්වීම ඇති හැකියාව පිළිබඳ තීරණයක් ගනී." යනුවෙනි. 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here