Thursday, March 28, 2024

General line - 0115112241

ජනපති ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය අද රැස්වේ




ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්, කැබිනට් මණ්ඩලය අද පස්වරු 4 රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ, ජනාධිපති කාර්යාලයේදියි. 

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අධ්‍යයනය කිරීමට අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පත්කළ කමිටුවේ නිර්දේශ ද අද පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

අදාළ කමිටු වාර්තාව, එම කමිටුවේ සභාපති මහාචාර්ය අමාත්‍ය ජී එල් පීරීස් විසින් අග‍්‍රාමාත්‍යවරයා වෙත ඊයේ භාරදෙනු ලැබුවා.