Friday, April 26, 2024

General line - 0115112241

නිව් ඩයමන්ඞ් නෞකාවේ ගින්න නිවීමට ගිය වියදම සඳහා මිලියන 340 ක ඇස්තමේන්තුවක්




නැගෙනහිර මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක්වූ ඵඔ නිව් ඩයමන්ඞ් නෞකාවේ ගින්න නිවීමට හා ඊට අදාළ කාර්යයන් සඳහා ශ‍්‍රී ලංකාව දැරූ වියදම් හානි පූර්ණය කිරීමට හිමිකම් ඉල්ලීමක් නීතිපති දප්පුල ද ලිවේරා විසින් නෞකාවේ හිමිකම් පාර්ශවයේ නීතීඥවරුන් වෙත ළිඛිතව ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව රුපියල් මිලියන 340 ක මුදල් අයකර ගැනීම සඳහා ඇස්තමේන්තුවක් සකසා ඇති බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරී නීතීඥ නිශාරා ජයරත්න පැවසුවේ. 

ගිනිගැනීමට ලක්වූ ඵඔ නිව් ඩයමන්ඞ් නෞකාව මේවනවිට මඩකලපුවේ සිට නාවික සැතපුම් 70 ක් දුරින් වූ ගැඹූරු මුහුදේ ස්ථානගතව ඇතැයි නාවික හමුදාව සඳහන් කළා.