Friday, April 19, 2024

General line - 0115112241

නවක වදය නිසා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය දෙවන වසර සිසුන්ට වැසේ




නවක වද සිද්ධියක් හේතුවෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ දෙවන වසරේ සිසුන්ට නිවාඩු ලබාදීමට එම විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා. 

එම සිසුන්ට සිය ශිෂ්‍ය නේවාසිකාගාරවලින් ඉවත්වන ලෙස දැනුම් දුන් බවයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක පැවසුවේ. 

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ දෙවන වසරේ සිසුන් විසින් පළමුවැනි වසරේ සිසුන්ට නවක වදය ලබාදෙන බවට එම සිසුන්ගේ මව්පියන් විසින් පැමිණිලි කිරීමත් සමග මෙම පියවර ගත් බවයි උප කුලපතිවරයා සදහන් කළේ.

මේවනවිට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨය දෙවන වසරේ සිසුන්ට තහනම් කලාපයක් බවට ද පත්කර තිබෙනවා.