Friday, March 29, 2024

General line - 0115112241

විස්සට විරුද්ධ වන කවුරුත් උසාවි යන්නේ නෑ




20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය දක්වන කිසිඳු පාර්ශ්වයක් මේ දක්වා නීතිමය ක‍්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී පේ‍්‍රමනාත් සී දොලවත්ත පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (16) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින්.

20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ගැටලූ ඇත්නම් ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට ආණ්ඩුව සූදානම් බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

(ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය කෙරුණු නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන තවත් සුළු වේලාවකින් පහතින් බලපොරොත්තුවන්න.)