Tuesday, April 23, 2024

General line - 0115112241

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය හෙටින් ඇරඹේ




2020 කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය හෙටින් (18) ආරම්භ වනවා.

ශී‍්‍ර ලංකා පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමය 22 වන වරටත් සංවිධාන කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය, කෝවිඞ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර පැවැත්වෙන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලවයි.

ඊට අදාළ සෞඛ්‍ය නිර්දේශයන් ද මෙම ප‍්‍රදර්ශනය පැවැත්වීම සඳහා ලබාගෙන ඇති බවයි ශී‍්‍ර ලංකා පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමයේ ලේකම් සහ කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශන කමිටුවේ සභාපති සමන්ත ඉන්දීවර නෙත් නිවුස් වෙත සඳහන් කළේ. 

එළඹෙන 18 වැනිදා සිට 27 වැනිදා දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයට මෙවරත් නිල රේඩියෝ මාධ්‍ය අනුග‍්‍රාහකත්වය ලබා දෙන්නේ නෙත් රේඩියෝවයි.  සම්පත් බැංකුව, නිල බැංකුකරු ලෙස කටයුතු කරනවා.