Saturday, April 20, 2024

General line - 0115112241

වීසා සිද්ධියට හසු වූ ශ්‍රීලංකන් ගුවන් සේවයේ 04 දෙනා ගැන කරුණු කියයි




වීසා වංචාවන්ට සම්බන්ධ ශ්‍රීලංකන් ගුවන් සේවයේ සේවකයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමක් සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා පිළිබඳ ශ්‍රීලංකන් ගුවන් සේවය කරුණු සඳහන් කර සිටිනවා. 

මෙම වසරේ ජූලි මාසයේ සිට ගුවන් සේවය විසින් එම සේවකයින්ගේ සේවය අත්හිටුවා ඇති බවත් ඔවුන් මේ වන විට ගුවන් සේවයේ කිසිදු කටයුක්තකට සම්බන්ධ නොවන බවද ගුවන් සේවය අවධාරණය කර සිටිනවා. 

ශ්‍රීලංකන් ගුවන් සමාගම මෙයට අදාල සියලු නීතිමය කටයුුතු සිදුකරන ආයතන වෙත සිය පූර්ණ සහයෝගය ලබාදෙන බවයි පෙන්වා දෙන්නේ. 

මේ අතර ව්‍යාජ වීසා භාවිත කරමින් කැනඩාවට යාමට තැත් කළ ශ‍්‍රී ලාංකිකයින් 13 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් මෙරට සිට දෝහා කටාර් වෙත ගොස් එහි සිට ගුවන් මගින් කැනඩාවට යාමට තැත් කර ඇති බවයි වාර්තා වන්නේ. අත්අඩංගුවට ගැනුණු පිරිසගෙන් ගුවන් තොටුපළ බලධාරීන් වැඩිදුර ප‍්‍රශ්න කිරීම් සිදුකරනවා.