Friday, March 29, 2024

General line - 0115112241

මීටර් සීයයෙන් වැඩ පෙන්වන යුපුන් අබේකොන්ගෙන් තවත් වාර්තාවක්




ස්විට්ස්ර්ලන්තයේ පැවති ආරාධිත මලල ක‍්‍රීඩා තරගාවලියේදී මීටර් 100 ධාවන ඉසව්වෙන් 3 වන ස්ථානය දිනා ගැනීමට ශ‍්‍රී ලංකා කෙටි ධාවන ශූර යුපුන් අබේකෝන් සමත් වුණා. 

ඒ තත්පර 10.24ක දක්ෂතාවක් වාර්තා කරමින්. පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල් අතර වේගවත්ම ක‍්‍රීඩකයා මෙන්ම මෙම වසරේ වේගවත්ම ක‍්‍රීඩකයා වන අකානේ සිම්බිනේ තත්පර 10.02ක දක්ෂතාවක් වාර්තා කරමින් එම ඉසව්වේ පළමු ස්ථානය දිනා ගත්තා. 

දෙවන ස්ථානය දිනා ගත්තේ කනිෂ්ඨ කෙටි දුර ලෝක ශූරයා වන ඉතාලියේ ෆෙලිපෝ ටෝටුයි. ඔහු දැක් වූ දක්ෂතාව තත්පර 10.07ක්. 

මෙම ඉසව්වේ 3 වන ස්ථානය දිනා ගත් යුපුන් අබේකෝන් ඉකුත්දා ජර්මනියේ පැවති ආරාධිත මලල ක‍්‍රීඩා තරගාවලියකදී මීටර් 100 ධාවන ඉසව්වෙන් නව දකුණු ආසිායානු වාර්තාවක් සහ නව ශ‍්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා. ඒ තත්පර 10.16 ක දක්ෂතාවක් වාර්තා කරමින්.