Saturday, April 20, 2024

General line - 0115112241

අමෙරිකාවේ මෙන් දෙගුණයක් කොරෝනා රෝගීන් ඉන්දියාවෙන් වාර්තා වෙයි




අසල්වැසි ඉන්දියාව නව කොරෝනා වෛරසයේ උච්ජතම අවස්ථාවට පැමිණ තිබෙන බවට සනාථ කරමින් ගතවූ පැය 24 තුලදී එරටින් ආසාදිතයින් 97,894ක් වාර්තා වු බව සෞඛ්‍ය අංශ සඳහන් කර සිටිනවා. මේ වන විට අමෙරිකාවට පසූව වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන රට බවට ඉන්දියාව පත්ව ඇත්තේ සමස්ත රෝගීන් සංඛ්‍යාව මිලියන 05 ඉක්මවා යමින්ය.

ඉන්දියාවේ වාර්තා වී ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 5,118,253ක් වන අතර අමෙරිකාවේ මේ වන විට 6,630,891ක් වේ.

අමෙරිකාවෙන් ඊයේ දිනයේදී කොරෝනා රෝගීන් 36,782ක් වාර්තා වන පසුබිමක ඉන්දියාවෙන් අමෙරිකාවට සාපෙක්ෂව දිනක් තුල වාර්තා වන රෝගීන් සංඛ්‍යාව දෙගුණයකටත් වඩා වැඩි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

ඒ අනුව ඉදිරි සති 2-3 තුලදී අමෙරිකාව අභිබවා යමින් ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් සහිත රටවල් ලැයිස්තුවේ පළමු ස්ථානයට ඉන්දියාව පත්වෙනු ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.